19 October 2025


ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය අත්හැර දමයි



කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අතහැර දැමීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා. 

ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
 
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය 5.30වන විටත් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවන තරගය මෙය වන අතර පළමු තරගයේදී ඔවුන් ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා. 

(crictimes.lk)