19 October 2025


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද ප්‍රේමදාස පිටියට



2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගය අද (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ප්‍රභල ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩා කළ පළමු තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වී තිබෙන්නේ 5වන ස්ථානයයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

(crictimes.lk)