21 October 2025


එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට



සංචාරක බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ ඔවුන් තරගාවලියේ 3වන තරගය ලකුණු 100කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 285ක් රැස් කළා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 124ක් සහ චරිත් අසලංක ලකුණු 58ක් රැස් කිරීමට සමත්වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 186ක් පමණයි.

(CRICTIMES.LK)