2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය අද (26) නිවේදනය කළා.
එම කවුන්සිලය සඳහන් කළේ පසුගියදා බංගලදේශයේ ඩකාහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගෙන ඇති බවයි.
තරගාවලිය සැප්තැම්බර 9වනදා සිට 28වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා එක් වන කණ්ඩායම් සංඛ්‍යාව 8ක්.
මේ සඳහා දැනටමත් ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පාකිස්ථානය ඇතුළු රටවල් 15ක් සුදුසුකම් ලබා තිබෙනවා.
මෙම ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය T20 ආකෘතිය යටතේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)