21 April 2025


දකුණු අප්‍රිකා පිතිකරුවෙක්ට හදිසියේ IPL ගිවිසුමක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකා පිතිකරු ඩිවාල්ඩ් බ්‍රේවිස් ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ එම කණ්ඩායමේ ආබාධයකට ලක් වූ Gurjapneet Singh වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් ලෙසයි.

ඩිවාල්ඩ් බ්‍රේවිස් ඉන්දීය රුපියල් කෝටි 2.2ක මුදලකට චෙන්නායි කණ්ඩායම සමඟ ගිවිසුම්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)