19 August 2025


සිරාජ්ට ICCයෙන් ඉහළ ස්ථානයක්




නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ඉන්දීය පන්දු යවන්නන් වන මොහොමඩ් සිරාජ් සහ ක්‍රිෂ්ණා ඉදිරියට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ එංගලන්තයට එරෙහිව පැවති අවසන් ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මොහොමඩ් සිරාජ් 15වන ස්ථානය දක්වාත් ක්‍රිෂ්ණා 59වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇති බවයි.

මීට පෙර සිරාජ් එහි 27වන ස්ථානයේත් ක්‍රිෂ්ණා 84වන ස්ථානයේත් රැඳී සිටියා.

සිරාජ් සහ ක්‍රිෂ්ණා යන දෙදෙනාම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල මෙතෙක් ලබා ඇති ඉහළම ස්ථානය මෙයයි.

(CRICTIMES.LK)