20 August 2025


සංගව සම කළ රූට් ලෝකෙන්ම දෙවැනි තැනට



වැඩිම ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු රැස් කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් සමත්වී තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 13409ක් ලබා ගනිමින්.

මීට පෙර එහි දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින් ලකුණු 13378ක් රැස් කර ගනිමින් හිමි කරගෙන තිබුණා.

වැඩිම ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙස තවදුරටත් වාර්තා වීමට ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් සමත්වී තිබෙනවා.

ඒ ලකුණු 15921ක් ලබා ගනිමින්.

මේ අතර වැඩිම ටෙස්ට් ශතක රැස් කර ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ කුමාර් සංගක්කාර සමඟ සිව්වන ස්ථානයේ සමතැන් ගැනීමට ජෝ රූට් සමත්වුණා.


ඒ ඔහු ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ඊයේ (25) රැස් කළ ශතකයත් සමඟයි.

ජෝ රූට් සහ කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ශතක 38 බැගින් රැස් කර තිබෙනවා.

මෙම සුවිශේෂී වාර්තාවේද පෙරමුණ ශතක 51ක් රැස් කළ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් හිමි කරගෙන තිබෙනවා.

(COLOMBOTIMES.LK)