එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 'A' කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවැති තරගය ශ්‍රී ලංකා 'A' කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
ඒ ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් රැස් කළා.
ලකුණු 249ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා 'A' කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 03ක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 249ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
එහිදී නායක සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 129ක් රැස්කළා.
(crictimes.lk)