සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංක කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
එම තීරණයෙන් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කිරීමට සමත්වුණා.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 278ක්.