සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 2වන T20 තරගය අද (06) පැවැත්වෙනවා.
ඒ සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු T20 තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත්වුණා.
ඒ අනුව මේ වන විට තරග 3කින් සමන්විත තරගාවලියේ පෙරමුණ තරග 1 - 0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටිනවා.
(crictimes.lk)