සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වෙනවා.
ඒ සිම්බාබ්වේ හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස සිකන්දර් රාසා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි.
(crictimes.lk)