ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (26) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ ssc ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පළමු දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටියා.
එහිදී Shadman Islam ලකුණු 46ක් සහ Mushfiqur Rahim ලකුණු 35ක් රැස් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු. විශ්ව ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් 170වන ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබූ සොනාල් දිනූෂ කඩුලු 2 බැඟින් බිඳ දැමුවා.
2025-27 icc ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.