ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා.
ඒ කොළඹ ssc ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 290ක් ලබාගෙන තිබුණා.
කෙසේ වෙතත් අද දිනයේදී ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 168ක් එකතු වන විට ඉතිරි කඩුලු 8 දවා ගැනීමට බංගලාදේශය සමත්වුණා.
ඒ අනුව මේ වන විට බංගලාදේශය සිය දෙවන ඉනිම ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)