20 August 2025


SL Vs BAN - 2nd Test | තෙවන දිනය නිමාවෙයි - ශ්‍රී ලංකාව ප්‍රබල තැනක



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට නිමාවී තිබෙනවා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශය සියලුදෙඅනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 247ක්.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 458ක් රැස් කළා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 158ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක් රැස් කිරීමට සමත්වුණා.

ඒ අනුව මේ වන විට බංගලාදේශය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 96ක් පසුපසින් සිටිනවා.

(crictimes.lk)