සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද (27) පෙරවරු 10.00ට කොළඹ ssc ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
දෙවන දිනය සඳහා ඊයේ (26) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස් කරගෙන සිටියා.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 146ක් රැස් කරගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 247ක් පමණයි.
ඒ අනුවේ මේ වන විට බංගලාදේශ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43ක් ඉදිරියෙන් රැඳී සිටිනවා.
(CRICTIMES.LK)