2025 ඉන්දියන් ප්‍රිමියර් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (01) පැවති තරගය ලකුණු 100කින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 217ක් රැස් කළා.
එහිදී රෝහිත් ශර්මා ලකුණු 53ක්, හාර්දික් පාණ්ඩ්‍යා සහ සූර්ය කුමාර් යාදෙව් නොදැවී ලකුණු 48 බැගින් රැස් කිරීමට සමත්වුණා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ රියන් පරාග් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
කෙසේ වෙතත් මෙහිදී මහීෂ් තීක්ෂණ දැඩි ප්‍රහාරයකට ලක්වුණා.
ඒ අනුව ඔහුගේ පන්දුවාර 4 තුළ ප්‍රතිවාදී මුම්බායි කණ්ඩායම රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 47ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 117ක් පමණයි.
(crictimes.lk)