ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6කින් හයේ පහර 6ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක රියාන් පරාග් සමත්වී තිබෙනවා.
ඔහු මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළේ ඊයේ (04) කොල්කටා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි.
එහිදී ඔහු දෙවන ඉනිමේ 12වන පන්දුවාරයේ 2වන පන්දුවට, 3වන පන්දුවට, 4වන පන්දුවට, 5වන පන්දුවට, 6වන පන්දුවට සහ 13වන පන්දුවාරයේ 2වන පන්දුවට හයේ පහර එල්ල කළා.