17 May 2025


WTC අවසන් මහා තරගයට වාර්තාගත ත්‍යාග මුදලක් - ලංකාවට හිමි වන මුදලත් එළියට



2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විස්නි අද (15) ප්‍රකාශයට පත් කළා.

එම කවුන්සිලය සඳහන් කළේ මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා වන මුළු ත්‍යාග සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 5.76ක් බවයි.

මෙවර ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක ත්‍යාග මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එය 2021 සහ 2023 යන වසරවල ජයග්‍රාහී කණ්ඩායමට ප්‍රදානය කළ ඇමරිකානු ඩොලර් මිලියන 1.6ට වඩා සැලකිය යුතු වැඩිවීමක්.

එමෙන්ම මෙවර අනුශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.16ක ත්‍යාග මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ අතර 2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ 3වන ස්ථානයට පත්වූ ඉන්දීය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 1,440,000ක් ලබාදීමට නියමිතයි.

 එහි 6වන ස්ථානය හිමි කරගත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට මෙහිදී හිමිවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 840,000ක්.
 


(crictimes.lk)