2025 පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කරගැනීමට Lahore Qalandars කණ්ඩායම සමත්වුණා.
ඒ ප්‍රතිවාදී Quetta Gladiators කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින්.
එහිදී Lahore කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රාසා පන්දු 7කින් නොදැවී ලකුණු 22ක් ලබාගත්තා.
එංගලන්තයේ පැවැති ටෙස්ට් තරගය නිමා වී මෙම තරගය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු පාකිස්ථානයට පැමිණීම ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 10කට පමණ පෙර පාකිස්ථානයට පැමිණ තිබූ බවයි.
(crictimes.lk)