19 October 2025


රෂීඩ් ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකරයි



ජාත්‍යන්ත එක්දින ක්‍රිකට් දිවියේ කඩුලු 200 සීමාව පසු කිරීමට ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් කාන් සමත් වී තිබෙනවා.

ඒ ඊයේ (08) බංගලාදේශයට එරෙහිව පැවති තරගයේදී කඩුලු තුනක් බිඳ දැමීමත් සමඟයි.

ඔහු වාර්තා අතරට එක්වුණේ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් එක්දින කඩුලු 200ක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසයි.

එමෙන්ම මේ වන විට එක්දින ඉතිහාසයේ වැඩිම කදුළු ලාබීන්ගේ ලැයිස්තුවේ 43වන ස්ථානය රෂීඩ් කාන්හට හිමි වී තිබෙනවා.

මේ වන විට ඔහු තරග 115කදී බිඳ දමා ඇති මුළු එක්දින කඩුලු සංඛ්‍යාව 202ක්.

(CRICTIMES.LK)