සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 2වන T20 තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පවතී පළමු T20 තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණ.
ඒ අනුව මේ වන විට තරග 1 - 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ තමන් සතු කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මේ දක්වා T20 තරග 8කට ක්‍රීඩා කර තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් මෙම ක්‍රීඩාංගනයේදී පරාජයට පත්වී තිබෙන T20 තරග සංඛ්‍යාව 3ක්.
බංග්ලාදේශ කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මෙලෙස ජාත්‍යන්තර T20 තරගයකට එක්වන්නේ පළමු වරටයි.
(crictimes.lk)