එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 'A' කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ කඩුලු 6කින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය 'A' කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 192ක් පමණයි.
පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු 4ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 'A' කණ්ඩායම පන්දුවාර 27යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 193ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.
එහිදී නායක සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 50ක් සහ ලසිත් ක්‍රොස්පුල්ලේ ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.
(crictimes.lk)