21 October 2025


පැතුම්ගෙන් අදත් වර්ණවත් ඉනිමක්



සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරගය මේ වන විට හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත්වුණා. 

එහිදී Brian Bennett පන්දු 57කින් පන්දු 81ක් රැස් කළා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3ක්, දුශාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා. 

ඒ අනුව මේ වන විට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 176ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත්වුණා.


(crictimes.lk)