ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා.
ඒ කොළඹ ssc ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය සියලු දෙනා දැවී ලකුණු 247ක් රැස් කරගත්තා.
එහිදී Shadman Islam ලකුණු 46ක් සහ Mushfiqur Rahim ලකුණු 35ක් රැස් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් 170වන ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබූ සොනාල් දිනූෂ කඩුලු 2 බැඟින් බිඳ දැමුවා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.
එය වාර්තා වුණේ ඔහුගේ 8වන ටෙස්ට් අර්ධ ශතකය ලෙසයි.
(crictimes.lk)