2025 ආසියානු කුසලානයේ ඉන්දියාවට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරගයේදී ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත්වුණා.
ඔහු වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් T20 තරගයකදී ශතකයක් වාර්තා කළ සිව්වන ක්‍රීඩකයා ලෙසයි.
මීට පෙර මහේල ජයවර්ධනය TM දිල් ෂාන් සහ කුසල්පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 ශතක රැස් කර තිබුණා.
T20 ආසියානු කුසලාන ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසද පැතුම් වාර්තා අතරට එක්වුණා.
එමෙන්ම T20 ආසියානු කුසලාන ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ තුන්වන ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසගත වනවා.
මීට පෙර එහිදී ශතක වාර්තා කර තිබුණේ බාබර් අසාම් සහ විරාජ් කෝලි පමණයි.
(CRICTIMES.LK)