21 October 2025


පැතුම් සහ ලියනගේ ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට



නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජත්යන්ටහර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (03) ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා. 

ඒ පසුගියදා නිමා වූ සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී දැක වූ දක්ෂතා සමඟයි. 

මීට පෙර ඔහු මෙම ශ්‍රේණිගත කිරීම්වල 20වන ස්ථානයේ රැඳී සිටියා. 

මේ අතර ශ්‍රී ලංකාවේ ජනිත් ලියනගේ එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 29වන ස්ථානය දක්වා ස්ථාන 13කින් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

(crictimes.lk)