20 August 2025


පැතුම් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 21ක් ඉදිරියට



නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 31වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා.

ඒ පසුගියදා ගාල්ලේදී නිමා වූ ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

මීට පෙර ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 52වන ස්ථානයේ රැඳී සිටියා.

මේ අතර නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කමිඳු මෙන්ඩිස් 9වන ස්ථානය දක්වාත් දිනේෂ් චන්දිමාල් 15වන ස්ථානය දක්වාත් ධනංජය ද සිල්වා 23වන ස්ථානය දක්වාත් ඇන්ජලෝ මැතිව්ස් 26වන ස්ථානය දක්වාත් සහ කුසල් මෙන්ඩිස් 34වන ස්ථානය දක්වාත් පසුබැස තිබෙනවා.

(CRICTIMES.LK)