23 June 2025


පාකිස්ථාන පිතිකරුවෙක් ICC ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 210කින් ඉදිරියට



නවතම ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 210කින් ඉදිරියට පැමිණීමට පාකිස්ථාන පිතිකරු මොහොමඩ් හැරිස් සමත්වී තිබෙනවා. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ඔහු මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල 30වන ස්ථානය හිමි කරගෙන ඇති බවයි. 

මීට පෙර ඔහු ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 240වන ස්ථානයේ රැඳී සිටියා. 

(crictimes.lk)