21 October 2025


තීරණාත්මක සටනේ කාසියේ වාසිය පාකිස්ථානයට



2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අවසන් 4දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා - පාකිස්ථාන තරගය අද (23) පැවැත්වෙනවා.

ඒ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හතරදෙනාගේ වටයේදී ක්‍රීඩා කළ පළමු තරගය බංගලාදේශයට එරෙහිව පරාජයට පත්වුණා.

එමෙන්ම පාකිස්ථාන කණ්ඩායමද ක්‍රීඩා කළ පළමු තරගය ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.

ඒ අනුව ඉදිරි තරග වටය සඳහා සුදුසුකම් ලැබීමට මෙම තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වී තිබෙනවා.

(CRICTIMES.LK)