11 April 2025


පාකිස්ථාන කණ්ඩායමට ICCයෙන් දඬුවම්



පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව දඬුවම් පැනවීමක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන්.

ඔවුන් එම තරගයේදී පන්දුවාර 5ක් යවා අවසන් කිරීමට නියමිත කාල සීමාවන් තුළදී අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් ක්‍රීඩකයන්ට පැනවීමට සහ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු 5ක් කපා හැරීමටත් තීරණය කර තිබෙනවා.

(crictimes.lk)