20 August 2025


වෙනස් වූ ඛෙත්තාරාමයේ පළමු එක්දින තරගය අදයි



බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය අද (02) පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රීඩාංගනයේ නව විදුලු ආලෝක මධ්‍යයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගය මෙයයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක සහ බංගලාදේශයේ නායකයා ලෙස මෙහෙඩි හසන් කටයුතු කරනු ලබනවා.

ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම කණ්ඩායම් දෙන අවස්ථා 11කදී එකිනෙක මුණගැසී තිබෙනවා.

එම තරග සියල්ලම ජයග්‍රහණයන් කිරීමට සමත්වී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින්.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙතෙත් කිසිදු එක්දින තරගයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වී තිබෙනවා

(CRICTIMES.LK)