23 June 2025


නිකලස් පූරන් ජාත්‍යන්තර පිටියට සමුදෙයි



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 

29 හැවිරිදි ඔහු එක්දින තරග 61කට ක්‍රීඩා කරමින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1,983ක්. 

එමෙන්ම නිකලස් පූරන් T20 තරග 106ක් ක්‍රීඩා කර තිබෙනවා. 

එම තරගවලදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 2275ක්. 

 
(colombotimes.lk)