තරග නිලධාරීන් විසින් IPL තරගාවලියේදී සෑම පිතිකරුවෙක්ගේම පිත්ත මැනීමට ලක් කර තිබෙනවා.
මීට හේතුව සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර පිත්ත සහ පන්දුව අතර සමබරතාවය පවත්වා ගැනීම සහ පිතිකරුවන්ට අනවශ්‍ය වාසියක් නොලැබෙන බව සහතික කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ක්‍රිකට් නීතිවල 5 වන නීතියට අනුකූල පිත්තේ ප්‍රමාණයන් පරීක්ෂා කරනු ලබනවා.
පසුගිය 13වනදා සිට මෙලෙස පිතිකරුවන්ගේ පිත්ත මැනීමට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)