බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවන T20 තරගය ලකුණු 90කින් ජයග්‍රහණය කිරීමට නේපාල කණ්ඩායම ඊයේ (29) සමත්වුණා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත T20 තරගාවලිය තරග 2 - 0ක් ලෙස නේපාලය මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා.
මේ සමඟින් නේපාලය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායමකට එරෙහිව ලැබූ පළමු ජාත්‍යන්තර T20 තරගාවලි ජය වාර්තා කළා.
කොදෙව් - නේපාල දෙවන T20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාලය කඩුලු 6ක් දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත්වුණා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 83ක් පමණයි.
(CRICTIMES.LK)