නෙදර්ලන්තය, නේපාලය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තුන්කොන් T20 ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ නේපාලය අතර තරගය ඊයේ (16) පැවැත්වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 152ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 152ක්.
කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.
සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 19ක් රැස් කළා.
අනතුරුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායමද සුපිරි පන්දුවාරය තුළ රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 19ක්.
ඒ අනුව නැවත සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.
දෙවන සුපිරි පන්දුවාරය තුළදී ලකුණු 17ක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.
අනතුරුව සුපිරි පන්දුවාරය වෙනුවෙන් ලකුණු 18ක ඉලක්කයක් හඹා ගිය නේපාල කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු ලකුණු 17ක් පමණයි.
ඒ අනුව යළිත් වරක් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළා.
තුන්වන සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායමට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට නොහැකි වුණා.
අනතුරුව නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 6ක් ලබා ගනිමින් මෙම තරගය තුන්වන සුපිරි පන්දුවාරයේදී ජයග්‍රහණය කළා.
ක්‍රිකට් ඉතිහාසයේ තුන්වන සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළ පළමු අවස්තාව ලෙස මෙය වාර්තා අතරට එක්‌වුණා.
(crictimes.lk)