21 April 2025


මුම්බායි ලීගයේ කණ්ඩායම් හිමිකරුවෙක්ට වැඩ වරදියි



ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඔම්බුඩ්ස්මන් විනිසුරු (විශ්‍රාමික) අරුන් මිශ්‍රා විසින් Mumbai T20 League තරගාවලියේ SoBo Supersonics කණ්ඩායමේ සම හිමිකරුවෙක් වූ Gurmeet Singh Bhamrah හට ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ 2019 වසරේ පැවති තරගාවලියේදී ධවල් කුල්කානි හා භවින් තක්කාර් යන ක්‍රීඩකයන් දෙදෙනා තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට ගත් උත්සාහයක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට එරෙහිව පැනවූ තහනමේ කාලය පිළිබද තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

(crictimes.lk)