IPL ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 200ට වැඩි ඉලක්කයක් ආරක්ෂා කරමින් 100%ක ජයග්‍රාහී වාර්තාවක් ඇති එකම කණ්ඩායම් බවට මුම්බායි කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම පත්වී තිබෙනවා.
ඒ අනුව මුම්බායි කණ්ඩායම IPL ඉතිහාසයේ අවස්ථා 15කදී ලකුණු 200ට වැඩි ඉලක්ක ආරක්ෂා කිරීමට සමත්වුණා.
IPL තරගවලදී මුම්බායි කණ්ඩායමට එරෙහිව වැඩිම සාර්ථක හඹායාම වාර්තා වුණේ 2020 වසරේදීයි.
ඒ රාජස්ථාන් රෝයල්ස් විසින් වන අතර එහිදී ලද ඉලක්කය ලකුණු 196ක්.
මේ අතර IPL ඉතිහාසයේ දිල්ලි කණ්ඩායම අවස්ථා 13කදී ප්‍රතිවාදීන්ට ලකුණු 200ට වැඩි ඉලක්ක ලබා දී තිබෙනවා.
ඒ අවස්ථා සියල්ලේදීම ඔවුන් සිය ඉලක්කය ආරක්ෂා කර ගැනීමට සමත්වුණා.
(crictimes.lk)