20 August 2025


SL Vs BAN - 2nd Test | පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට



ලෝක ටෙස්ට් ශුරතාවලියට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ පළමු දිනය නිමාවට පත්වුණා.

මෙම තරග පැවැත්වෙන්නේ කොළඹ SSC පිටියේදීයි. 

අද දිනයේ තරගයේ වැඩි ගෞරව හිමිකරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා තරගයේ පළමුව පන්දුවට පහර දෙන බංගලාදේශය දිනය නිමාවන විට පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 220ක් රැස්කරගෙන සිටියා.

Shadman Islam ලකුණු 46යි. Mushfiqur Rahim ලකුණු 35ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ සොනාල් දිනුෂ කඩුලු 2 බැඟින් දවා ගත්තා.

වර්ෂාව හේතුවෙන් අද දිනයේදී තරගයේ පන්දුවාර 20ක් පමණ අපතේ ගිය අතර හෙට තරගය උදෑසන 9.35ට ආරම්භ කිරීමට නියමිතයි.

(crictimes.lk)