2025 මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම සහ ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගයේ ඊයේ (17) පැවැත්වුණා.
එහිදී පළමුව පන්දුවට පහරදුන් වොෂින්ටන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු කඩුලු 5ක් දැවී ලකුණු 208ක් රැස් කළා.
වොෂින්ටන් කණ්ඩායම වෙනුවෙන් නායක ග්ලේන් මැක්ස්වෙල් පන්දු 49කින් නොදැවී ලකුණු 106ක් රැස් කරගත්තා.
අනතුරුව පන්දුවට පහරදුන් ලොස් ඇන්ජලීස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 95ක් පමණයි.
ඒ අනුව මෙම තරගය වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම ලකුණු 113කින් ජයග්‍රහණය කළා.
(crictimes.lk)