ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් ලබන 11වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි.
මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඒ සඳහා සුදුසුකම් ලබාගත්තේ ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක් ජයග්‍රහණය කරමින්.
ඔවුන් මූලික වටයේ ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (09) දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(crictimes.lk)