සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) ආරම්භ වුණා.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව අද දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරණ බංගලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 292ක් රැස් කරගෙන සිටියා.
Najmul Hossain Shanto ලකුණු 136ක් සහ Mushfiqur Rahim ලකුණු 105ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ටෙස්ට් වරම් හිමි කරගත් තරිදු රත්නායක කඩුලු 2ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත්තා.
මෙම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට නියමිතයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් 3වන ක්‍රීඩකයා ලෙස මේ වන විට මැතිව්ස් වාර්තා අතරට එක්වී තිබෙනවා.
ඔහු මේ වන විට ශතක 16ක් ඇතුළුව රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 8167ක්.
මෙම ටෙස්ට් තරගයේ දෙවන දිනය හෙට (18) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.
(crictimes.lk)