19 August 2025


දුනිත්ටත් කමිඳුටත් නායකත්වයක් - අවිශ්කට තැනක් අහිමි වෙයි



එළඹෙන SLC T20 ලීගය සඳහා වන සංචිත තුන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (03) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව Blue කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේට, Green කණ්ඩායමේ නායකත්වය කමිඳු මෙන්ඩිස්ට සහ Grey කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමි වී තිබෙනවා.

මෙහිදී කිසිදු සංචිතයකට අවිශ්ක ප්‍රනාන්දු ඇතුළත් කර නොමැති බවයි වාර්තා වන්නේ. 

ඔහු දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා.

ඔහු මෑත කාලීන ජාත්‍යන්තර T20 තරගවලදී දැක්වූ දුර්වල ක්‍රීඩා ස්වරූපය හේතුවෙන් තේරීම් කමිටුව ඔහුව නොසලකා හැරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.



(crictimes.lk)