ලංකා ප්‍රිමියර් ලීගයේ හිමිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය LPL තරගාවලියේ ඉසව් අයිතිය හිමි IPG සමූහය සමඟ එක්ව කණ්ඩායම් 2ක ෆ්‍රැන්චයිස් හවුල්කාරිත්වය අවසන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් ෆ්‍රැන්චයිස් හවුල්කාරිත්වය එලෙස අවසන් කර ඇති බවයි.
ලීගයේ සහභාගීත්වය ආරම්භයේදී ඇති කරගත් ගිවිසුම් යටතේ නියම කර ඇති පරිදි අදාළ ෆ්‍රැන්චයිස් ඔවුන්ගේ ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.