23 June 2025


කුසල්ට ගිලිහුණු උඩ පන්දුව තරගයම කනපිට පෙරළයි



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2වන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ තරගාවලියේ eliminate තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත් කරමින්.

මෙහිදී ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් IPL වරම් හිමි කරගත් කුසල් මෙන්ඩිස් අතින් තීරණාත්මක රෝහිත්  ශර්මාගේ ඇතුලු උඩ පන්දු 2ක් ගිලිහී ගියා.

මේ සමඟ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා පන්දු 50කින් ලකුණු 81ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 208ක් පමණයි.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩි අවාසනවන්ත ලෙස හිට් විකට් ආකාරයට දැවී ගියා. 

ඒ පන්දු 10කින් ලකුණු 20ක් රැස්කරගෙන සිටියදීයි.

ඒ අනුව තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම  සහ මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම අතර  පැවැත්වීමට නියමිතයි.

(crictimes.lk)