2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා - ශ්‍රී ලංකා තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වුණා.
මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් පෙරේරා සමත් වුණා.
ඒ සඳහා ඔහු වැය කළ පන්දු සංඛ්‍යාව 25ක්.
එමෙන්ම මෙහිදී පැතුම් නිස්සංකද පන්දු 25කින් වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්වුණා.
(CRICTIMES.LK)