23 June 2025


කුළුදුල් ශූරතාවය බලාපොරොත්තුවෙන් පන්ජාබ් - බැංගලෝර් අද පිටියට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

ඒ ඉන්දියාවේ අහමදාබාද්හීදීයි. 

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සුදුසකම ලබා ගත්තා. 

IPL ක්‍රිකට් ඉතිහාසයේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අවසන් මහා තරගයක් සඳහා සුදුසකම ලැබූ සිව්වන අවස්ථාව මෙයයි. 

එමෙන්ම මෙය පන්ජාබ් කණ්ඩායම අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව වනවා. 

පන්ජාබ් කණ්ඩායම ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබුවේ 2014 වසරේදී පමණයි. 

බැංගලෝර් කණ්ඩායමද IPL අවසන් මහා තරගයක් සඳහා ක්‍රීඩා කරන්නේ 2016 වසරින් පසුව වීම විශෙෂත්වයක්.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙකෙන් කිසිදු කණ්ඩායමකට IPL කිරුළක් තමන් සතු කර ගැනීමට නොහැකි වුණා.

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් නුවන් තුෂාර ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. 

(crictimes.lk)