15 April 2025


කෝලිගෙන් අර්ධ ශතක 100ක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 28වන තරගය අද (13) පස්වරුවේ පැවැත්වුණා.

ඒ රෝයල් චැලෙන්ජස් බැන්ගලෝර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 173ක් වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැන්ගලෝර් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණ.

එහිදී සෝල්ට් සහ විරාත් කෝලි අර්ධ ශතක රැස් කළා.

ඔහුගේ එම අර්ධ ශතකය වාර්තා අතරට එක් වුණේ T20 පිටියේ ඔහු රැස්කළ 100වන අර්ධ ශතකය ලෙසයි.

(crictimes.lk)