23 June 2025


කෝලිගේ බැංගලෝරය අවසන් සටනට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

ඒ ඊයේ (29) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමත් සමඟයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායමට පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 101ක්.

එම ඉලක්කය හඹාගිය බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.

ඒ අනුව ඔවුන් 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගයෙන් පරාජයට පත් වූ පන්ජාබ් කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තවත් අවස්ථාවක් තිබෙනවා.

ඒ අනුව අද පැවැත්වෙන eliminator තරගයෙන් ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම පන්ජාබ් කණ්ඩායම සමඟ දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

 
(crictimes.lk)