19 April 2025


කසුන් රාජිතට එංගලන්තයෙන් ගිවිසුමක්



ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට එංගලන්තයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය වන County Championship තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා.

ඒ ඔහු මෙවර තරගාවලිය යටතේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම ක්‍රීඩා කරන ඉදිරි තරග 5 ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම්ගත වීමත් සමඟයි.

ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)