ලෝක ටෙස්ට් ශූරතා ඉතිහාසයේ ඉහළම පිතිකරණ සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් වාර්තා අතරට එක්වී තිබෙනවා.
ඒ 62.67ක සාමාන්‍යයක් රඳවා ගනිමින්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ එම ලැයිස්තුවේ දෙවන ස්ථානය නවසීලන්තයේ කෙන් විලියම්සන්ට සහ තෙවන ස්ථානය එංගලන්තයේ හැරී බෘක්ට හිමි වී ඇති බවයි.
ඔවුන් පිළිවෙලින් 61.34ක සහ 53.80ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලෝක ටෙස්ට් ශූරතා ඉතිහාසයේ ලකුණු 1000 සීමාව පසු කර තිබෙනවා.
එමෙන්ම මෙම ලැයිස්තුවේ 04වන ස්ථානය එංගලන්තයේ ජේමි ස්මිත් සහ 5වන ස්ථානය එංගලන්තයේ ජෝ රූට් හිමි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(crictimes.lk)